Thursday, April 25, 2024

General line - 0115112241

සියලු උත්සහයන් අසාර්ථකයි – රතු නිවේදනයක් ඉල්ලයි




රුසියාවේ හිටපු ශී‍්‍ර ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සඳහා අන්තර්ජාතික පොලිසිය හරහා වරෙන්තුවක් නිකුත් කරන්නේද නැද්ද යන තීන්දුව ලබන 30 වැනිදා ප‍්‍රකාශයට පත්කරන බව කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න අද (26) කියා සිටියා.

මෙම නඩුව පවරා ඇත්තේ ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේ දී සිදුවූ බව කියන අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙනුයි.

සැකකාර උදයංග වීරතුංග අධිකරණය මග හරිමින් සිටින බවද ඔහු විදෙස් රටක වාසය කරන බවට විශ්වාස කරන්නේ යැයිද මීට පෙර ප‍්‍රකාශ වුණා.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කියා සිටියේ විදේශ කටයුතු අමාත්‍යංශය හරහා උදයංග වීරතුංගට නොතීසි භාරදීමට උත්සහ කළත්, එය අසාර්ථක වූ බවයි. ඊමේල් මගිින්ද ඔහුට නොතීසි භාරදීමට උත්සහ කළ බවත්, එයද අසාර්ථක වූ බවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පැවසුවා.

උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සඳහා අන්තර්ජාතික පොලීසිය හරහා වරෙන්තුවක් නිකුත් කරන්නැයි ඉල්ලීමක් කෙරුණේ එ් අනුවයි.