Friday, April 19, 2024

General line - 0115112241

දිලීපන් සමරා යාපනය සරසවි බිමේ සහ මියගිය තැන උත්සව (PHOTOS)




එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු කි‍්‍රයාකාරිකයෙකු වන ත්‍යාගදීපන් දිලීපන් සිහිකරමින් යාපනයේ ස්ථාන දෙකක අද (26) සමරු උත්සව පැවැත්වුණා.

සිංහල ජනතාව උතුරේ පදිංචිවීමට විරුද්ධව හා ඉන්දීය රජය එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සාකච්ජා කළ යුතු බවට ඉල්ලීම් කරමින් යාපනය නල්ලුර් කෝවිල ඉදිරිපිට උපවාසයක් පවත්වමින් සිටියදී ඔහු ජිවිතක්ෂයට පත්වුණා.

ඒ අනුව ඔහුගේ 29 වැනි ගුණ සමරුව හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගෙන් සමන්විත ප‍්‍රජාත්නත‍්‍රවාදී විමුක්තිකාමී පක්ෂ සාමාජිකයින් අද (26) සිදු කරනු ලැබුවේ ඔහු මිය ගිය ස්ථානයේයි.

දිලීපන් යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුවෙකු ලෙස සිටි අවස්ථාවක එල්.ටී.ටී.ඊ සංවිධානය වෙත එක්ව කටයුතු කර තිබුණා.

මේ අතර යාපනය විශ්ව විද්‍යාල සිසුන්ද අද උදෑසන ත්‍යාගදීපන් දිලීපන් සිහිකරමින් සැමරුම් උත්සවයක් පවත්වනු ලැබුවා.

යාපනය විශ්වවිද්‍යාල භූමියේ ත්‍යාගදීපන් දිලීපන් නමැත්තාගේ පින්තූරයක් තබා පහන් දල්වා මල්මාලා පළඳවමින් සැමරුම් උත්සවය පවත්වා තිබුණා.

(එම අවස්ථා දෙකෙහිම ඡායාරූප පහතින් දැක්වෙයි)

thileepan-02thileepan-01 thileepan-03  thileepan-05 thileepan-06


jaffna-01 jaffna-02 jaffna-03 jaffna-04 jaffna-05