Friday, April 19, 2024

General line - 0115112241

හමුදාවේ තවත් පස් දෙනෙක් යාපනයේදී රිමාන්ඩ්




ලුතිතන් කර්නල්වරයෙකු වන යසස් වීරසිංහ ඇතුළු හමුදා නිලධාරීන් පස්දෙනෙකු යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අද (26) රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

එ් 1997 වසරේදී සිදු වූ පුද්ගල අතුරුදන්වීම් දෙකක් සම්බන්ධයෙන් නඩුවකට අදාළවයි. පිරිස මෙලෙස බන්ධනාගාර ගත කර ඇත්තේ ඔක්තෝබර් 10 වැනි දා දක්වායි.

අතුරුදන්වී ඇතැයි කියන පුද්ගලයින් දෙදෙනා එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් බවට සැක කෙරෙනවා. අදාළ හමුදා නිලධාරීන් පස්දෙනා මීට පෙරද මේ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට පසුව ඇප මත මුදාහැරුණු අයයි.

නීතිපතිවරයාගේ උපදෙස් අනුව ඔවුන් නැවත අද දිනයේ යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත කැඳවනු ලැබ සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් හමුදා නිලධරීන් 9 දෙනෙකුට නොතීසි නිකුත් කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.