Friday, April 26, 2024

General line - 0115112241

පෞද්ගලික විශ්වවිද්‍යාල රටට අවශ්‍යයි – පීඨාධිපතිවරු 07 ක් ඇමතිගේ සහයට




පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රටට තවත් අවශ්‍යව ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ මහනුවර පැවැති උත්සවයකට එක්වෙමින්.

එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ “උසස් පෙළ සමතුන්ගෙන් 20% යි විශ්ව විද්‍යාලවලට යන්නෙ. 80% උසස් පෙළ සමත් වෙලත් විශ්ව විද්‍යාලයක් නැහැ. පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරන්න අපිට ශක්තිය තියෙද්දි අපි ඒ දොරවල් වහලා අපේ දරුවන් පිටරට අරිනවා. පෞද්ගලික විශ්ව විද්‍යාල 10 ක් 15 ක් අපිට ආරම්භ කරන්න පුලුවන් නම් විශාල මුදලක් අපේ රටට ඉතුරු වෙනවා. මේ හැම දෙයක්ම කරන්නෙ රට වෙනුවෙන්. විශ්ව විද්‍යාල පීඨාධිපතිවරු 07 දෙනෙක් මාව ඇවිල්ලා හමුවෙලා මේකට සම්පූර්ණ සහයෝගය දෙන්න කැමති වුණා.” යනුවෙනි.