Friday, April 19, 2024

General line - 0115112241

“නියෝජ්‍ය ඇමතිවරයෙක් අත්අඩංගුවට” – රංජන් හෙළි කරයි




වත්මන් යහපාලන ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු නුදුරු දිනකදීම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් අත්අඩංගුවට ගැනීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ සිරිකොත පක්ෂය මූලස්තානයේ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී හෙතෙම පැවසුවේ “එක පක්ෂයක කියලා නැහැ… රිෂාඩ් බදියුදීන් ඇමතිතුමාව, රාජිත සේනාරත්න ඇමතිතුමාව ඇතුළු තවත් 15 දෙනෙක් විටින් විට ගෙන්වලා තියෙනවා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් විමර්ශන කරන්න. මේක දඩයමක් නෙමෙයි.. මට පැහැදිළි ආරංචියක් ආවා, අපේ රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙක්ගේ විමර්ශන සියයට අනූවක්ම ඉවරයි. ළඟඳිම නීතිය හමුවට යෑමට නියමිතයි. බොහොම සුබ ආරංචියක් විදිහට කියනවා.. ආණ්ඩුවක් පවතිද්දි ඒ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙක්ව අත්අඩංගුවට ගන්න‍ෙ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවටයි.” යනුවෙනි.