Thursday, April 25, 2024

General line - 0115112241

ගාල්ල සෙලවෙයි – අවදානමක් නැතැයි ආපදා කළමනාකරණය කියයි




ගාල්ල හපුගල ප‍්‍රදේශයේ අද (27) අලුයම පොළවේ සෙලවීමක් සිදුව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ප‍්‍රදේශවාසීන් කිහිපදෙනෙකු නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් දැක්වූවා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ගාල්ල දිස්ති‍්‍රක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර කළමනාකාරවරයාගෙන් විමසිමක් කළා. ඔහු පැවසුවේ තමන්ටද ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වූ බවයි.

කෙසේ වෙතත් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ භූ කම්පනයක් හෝ චලනයක් පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බවයි.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ජනතාව කිසිඳු බියක් ඇතිකර ගත නොගත යුතු බවද ප‍්‍රදීප් කොඩිප්පිලි නෙත් නිවුස් වෙත පැවසුවා.

ගාල්ල හපුගල ඇතුළු ප‍්‍රදේශ කිහිපයක සිදුවූ සෙලවීමට හේතු වී ඇත්තේ ඉන්දුනීසියාවේ නිකොබාර් දූපත් ආශි‍්‍රතව සිදුව ඇති වූ භූකම්පනයක් බවයි වාර්තා වන්නේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ මේ සම්බන්ධයෙන් මෙරට ජනතාව කිසිදු බියක් ඇතිකර ගත නොගත යුතු බවයි.