Friday, April 19, 2024

General line - 0115112241

පළාත් මන්තී‍්‍රවරුන්ගේ විදෙස් සංචාරවලට ජනපතිගෙන් නීතී




2017 වසරේ සිට කිසියම් පළාත් සභාවක මැති ඇමැතිවරුන් අධ්‍යයන චාරිකාවන් සඳහා විදේශ ගත වන්නේ නම් ඊට රාජ්‍ය භාණ්ඩාගාරයෙන් අනුමැතිය ලබාගත යුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නියෝග කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ සියලුම පළාත් සභාවල මැති ඇමැතිවරුන් වසර 20කට වැඩි කාලයක සිට මේ ආකාරයට අධ්‍යයන චාරිකා සඳහා විදෙස් ගත වී ඇති බවයි.

මධ්‍යම පළාත් සභාවේ මැති ඇමැතිවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් රුපියල් ලක්ෂ පන්සිය හැටක මුදලක් වැය කරමින් රුසියානු අධ්‍යයන චාරිකාවක් සඳහා සහභාගි වී සිටිනවා.

එහි පළමු කණ්ඩායම ඊයේ (26) දිවයිනෙන් පිටත්ව ගිය අතර දෙවැනි කණ්ඩායම නුදුරු දිනකදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

කෙසේ වෙතත් මින් ඉදිරියට එවැනි සංචාරයක් සිදු කරන්නේ නම් ඊට භාණ්ඩාගාරයෙන් අනුමැතිය ලබාගත යුතු බවයි ජනාධිපතිවරයා නියෝග කර ඇත්තේ.