Thursday, April 25, 2024

General line - 0115112241

දැඩි නියඟයෙන් අසූ පන්දහසකට වැඩි පිරිසකට පීඩා




දිවයිනේ දිස්ති‍්‍රක්ක රැසකට බලපෑ ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් විසිතුන්දහස් පන්සිය හැත්තෑ හතකට අයත් පුද්ගලයන් අසූ පන්දහස් තුන්සිය තිස්තුන්දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ත‍්‍රිකුණාමලය පොළොන්නරුව සහ කුරුණෑගල යන දිස්ති‍්‍රක්කවලට නියඟයෙන් දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි.

උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ පමණක් පවුල් දහඅටදහස් නවසිය පනස් එකකට අයත් පුද්ගලයින් හැත්තෑ දහස් හාරසිය තිස් එක්දෙනෙකු පීඩවට පත්ව සිටිනවා.

ඔවුන්ට බවුසර් මගින් පානීය ජලය ලබාදීමට කටයුතු කරන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළේ.

මේ අතර තවදුරටත් දිවයිනේ ප‍්‍රදේශ රැසකට වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියා.