Saturday, April 20, 2024

General line - 0115112241

ගමනාගමන කොමිෂන් සභාවේ සේවකයන් දැඩි තීරණයක




සිය ගැටලුවලට විසඳුමක් ලබා දීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම් අඛණ්ඩව වැඩවර්ජනයක් ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සේවකයන් පවසනවා.

එහි ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ඩී.එන්. වෙත්තසිංහ සඳහන් කළේ අද (27) පෙරවරුවේ ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

සේවක අයිතිවාසිකම් කප්පාදු කිරීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබුණා.

ඒ ගමනාගමන කොමිෂන් සභාවේ වෘත්තිය සමිති නියෝජිතයන් සහ සභාපතිවරයා අතරයි. ඊට අධ්‍යක්ෂ ජනරාල්වරයාද සහභාගිවිමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් සාකච්ඡාවට සහභාගිවීමට පැමිණි වෘත්තීය සමිති නියෝජිතයන් පලවා හැරීමට සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කර තිබුණා.

එම නිසා පැය දෙකකට අධික කාලයක් ඔවුන් කාර්යාල අඩස්සියේ තැබීමටයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සේවකයන් කටයුතු කළේ.

තම ඉල්ලීම්වලට බලධාරීන්ගෙන් කඩිනම් විසඳුමක් නොලැබුණහොත් වර්ජනයක් ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිසන් සභාවේ ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ඞී.එන්. වෙත්තසිංහ සඳහන් කළා.