Thursday, April 25, 2024

General line - 0115112241

ගාල්ලේ භූචලනයෙන් සුනාමි අවදානමක් නැහැ




ගාල්ල ඇතුළු දකුණු පළාතේ ප‍්‍රදේශ කිහිපයක අද (27) අලුයම ඇති වූ සුළු භූචලනයෙන් කිසිදු සුනාමි තත්වයක් හෝ එවැනි ආපදාවක් ඇති වීමේ අවදානමක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කරනවා.

එහි සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ අද අලුයම 5.30ට පමණ සුළු භූ චලන තත්ත්වයක් වාර්තා වූ බවයි.

ඉන්දුනිසියාවේ නිකොබාර් දූපත් හි අද (27) අලුයම සිදු වූ සුළු භූකම්පනයක් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙනවා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මෙරට ජනතාව කිසිදු බියක් ඇතිකර ගත යුතු නැතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කරනවා.