Tuesday, April 16, 2024

General line - 0115112241

රිය අනතුරකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මරුට




කටාන ප‍්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ කටාන පොලිස් අභ්‍යාස විද්‍යාලය අසල දී මෙම අනතුරු සිදුව ඇති බවයි.

යතුරු පැදියකින් ගමන් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා මාර්ගයේ ආසන්නයේ නවතා තිබූ ටිපර් රථයේ ගැටී තිබෙනවා.

මියගොස් ඇත්තේ කටාන පොලිසියට අනුයුක්තව සේවය කළ 27 හැවිරිදි සහ 46 හැවිරිදි කොස්තාපල්වරුන් දෙදෙනෙක්.