Thursday, March 28, 2024

General line - 0115112241

ලසන්ත වික‍්‍රමතුංගගේ දේහය ගොඩගැනීම ඇරඹේ (VIDEO)




බොරැල්ල පොදු සුසාන භූමියේ මිහිදන් කර ඇති මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දේහය ගොඩගැනිමේ කටයුතු මේ වන විට සිදු වනවා. ඒ කොළඹ අංක දෙක මහේස්ත‍්‍රාත් අධිකරණයේ, මහේස්ත‍්‍රාත්වරයාගේ අධික්ෂණය යටතේයි.

දේහය ගොඩගන්නා ලෙස ඉකුත් 8 වැනිදා නියෝග කරනු ලැබුවේ ගල්කිස්ස මහේස්ත‍්‍රාත් මොහොමඞ් සහබ්දීන් විසින්.

2009 වසරේ ජනවාරි මස 8 වැනිදා දෙහිවල අත්තිඩිය පාරේදී නාඳුනන කණ්ඩායමක් එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනයට ලක් වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

මේ වන විට ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දේහය ගොඩගැනීමේ කටයුතු සිදු කෙරෙන ඇති බොරැල්ල පොදු සුසාන භූමියට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනවා.