Tuesday, April 16, 2024

General line - 0115112241

මෑන් පවර් සේවකයන් 4000කට ස්ථීර පත්වීම්




ලංකා විදුලිබල මණ්ඩලයට අනියුක්තව සේවය සැපයූ මිනිස්බල සේවකයන් සහ කොන්ත‍්‍රාත් පදනම මත සේවය සැපයූ මනු කියවන්නන් හාර දහසකට ස්ථිර පත්වීම් ලබාදීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

විෂයභාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ ඉකුත් ජනාධිපතිවරණයේදී මෛතී‍්‍රපාල සිරිසේන මහතා ලබාදුන් පොරොන්දුවක් ඉටුකරමින් මෙම ස්ථිර පත්වීම් ලබාදීම සිදු කෙරෙන බවයි.