Friday, April 26, 2024

General line - 0115112241

කෝප් කමිටුවේ මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි!




මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම් වේලූ කුමාර් මහතා කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වි තිබෙනවා. ඊට අදාළ ලිපිය මන්තී‍්‍රවරයා විසින් කතානායකවරයා වෙත යොමුකර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

වේලූ කුමාර් මහතා දෙමළ ජාතික පෙරමුණ නියෝජනය කරමින් මහනුවර දිස්ති‍්‍රක්කයෙන් එක්සත් ජාතික පක්‍ෂය යටතේ තරග කර මෙවර පාර්ලිමේන්තුවට තේරි පත් වුණා. වේලූ කුමාර් මහතා එම තීරණය ගනු ලැබුවේ දෙමළ ජාතික පෙරමුණේ අනුමැතිය මත බවයි අමාත්‍ය මනෝ ගනේෂන් මහතා නෙත් නිවුස් වෙත කියාසිටියේ.