Tuesday, April 23, 2024

General line - 0115112241

කලම්බෝ මැරතන් තරගයට කී‍්‍රඩකයන් 7500ක්




16 වන එල්.එස්.ආර්. කලම්බෝ මැරතන් තරගාවලිය ලබන ඔක්තෝබර් මස 2 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාව අසලින් ආරම්භ වනවා. මැරතන් තරගය නිමා වන්නේ මීගමුව වෙරළ තීරයෙන්.

කොලම්බෝ මැරතන් තරගාවලිය පිළිබඳ එල්.එස්.ආර්. ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ආර්. ධර්මපාල මෙලෙස අදහස් දැක්වූවා.

“මෙම තරගය මෙවර 16 වෙනි වතාවට පැවැත්වෙනවා. මේ වෙනකොට 238 දෙනෙකුගෙන් පටන්ගත්ත තරගය 7000ක් 7500ක් දක්වා පැමිණ තිබෙනවා. ඔක්තොම්බර් 2වන ඉරිදා උදේ 6ට බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාව අභියස තිබෙන වර්ණ සංඥා පුවරුව ලඟින් මෙම තරගය ආරම්භ වෙනවා. දැනට මේ වෙනකොට 7000කට කිට්ටු තරගකරුවන් , තරගකාරියන් ලියාපදිංචි වෙලා ඉන්නවා. රටවල් 40කින් දැනට විදේශ තරගකරුවෝ , තරගකාරියෝ 233 දෙනෙක් ඉන්නවා. ඒ අතරින් වැඩිම තරගකරුවන් , තරගකාරියන් ඉන්නවා චීනය ‍, කෙන්යාව , ඉන්දියාව , අමෙරිකාව , ජපානය , එංගලන්තය සහ මාලදිවයිනෙන් තරගකරුවන් , තරගකාරියන් පිරිසක් ලියාපදිංචි වෙලා ඉන්නවා”.

ලබන වසරේදී කලම්බෝ මැරතන් තරගය කොළඹ සහ ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ නගර කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

14483668_10210789688204613_1462881751_n