Friday, March 29, 2024

General line - 0115112241

උතුරු මහඇමති ගැන දකුණේ යෝජනාවක් සම්මත වෙයි




උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් සම්බන්ධයෙන් දකුණු පළාත් සභාව අද (27) යෝජනාවක් සම්මත කළා.

ඒ සී.වී. විග්නේෂ්වරන් විසින් සිදුකළ බව කියන ජාතිවාදී ප‍්‍රකාශ හෙළා දකින බවට සඳහන් කරමින්.

මෙම යෝජනාව ඉදිරිපත් කළේ චම්ලි විතානච්චි මන්ත‍්‍රීවරයා විසින්. අශෝක ධනවංශ මන්ත‍්‍රීවරයා එය ස්ථිර කළා.

එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය යන සියලු පාර්ශ්ව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් ඊට සහාය දැක්වීම විශේෂත්වයක්.