Friday, April 26, 2024

General line - 0115112241

“මහජන බැංකුව අපහසුතාවයට පත් කරන්න එපා” -සේවකයින් පාරට බසී




විවිධ ජනමාධ්‍ය ද යොදා ගනිමින් මහජන බැංකුව අපහසුතාවයට පත් කිරීමට ඇතැම් පිරිස් උත්සහ කරන බව පවසමින් එහි වත්මන් සහ විශ‍්‍රාමික සේවකයින් පිරිසක් අද (27) උද්ඝෝෂණයක නිරත වුණා.

ඒ, කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදීයි.

එම උද්ඝෝෂණයේදී අදහස් දැක්වූ මහජන බැංකුවේ සේවකයෙක් සඳහන් කළේ “ජනතාවට පිහිට වෙමින් එදා ඉඳලා මහජන බැංකුව ආපු ගමනේ විවිධ බාධක තිබුණා. අපි ඒ කාලේ බැංකුව පරිගණක ගත කරන්න ගියාම එහෙම කරන්න හොඳ නෑ කිව්වා.. ATM යන්ත්‍ර සවි කරනකොට ඒවා දුප්පත් මිනිහට බෑ කියලා අසාර්ථක කරන්න හැදුවා.. දැන් වෙනත් සියලුම බැංකු ඩිජිටල්කරණය වෙලා. ඒක කරනකොට ඒකටත් බාධා කරමින් බැංකුව පහළ හෙළන්න ක්‍රියා කරනවා.” යනුවෙනි.

ඩිජිටල්කරණයේදී මහජන බැංකුවේ අක‍්‍රමිකතා සිදුවූ බවට ඉදිරිපත් වන චෝදනා සත්‍යයෙන් තොර බවද මෙහිදී අවධාරණය කෙරුණා.

මේ සඳහා මහජන බැංකුවේ කාර්ය මණ්ඩලය, වෘත්තිය සමිති සහ විශ්‍රාමික සමාජික සාමාජිකාවන් පිරිසක් එක්ව සිටියා.

 

20160927_123152 20160927_123154 20160927_123159 20160927_123216 20160927_123235 20160927_123238 20160927_123243 20160927_123251 20160927_123300 20160927_123310 20160927_123324 20160927_123329 20160927_123612 20160927_123936 20160927_124955 20160927_125014