Friday, April 26, 2024

General line - 0115112241

‘පොදු අරමුණට පටහැනිව යනවා’ – බන්දුලට ඇඟිල්ල දිගු වෙයි




අධිකරණ විසින් වන්දි ගෙවීමට හෝ ඇප නියම වූ රණවිරුවන්ට මුදල් එකතු කරන මුවාවෙන් ඇතැම් පිරිස් දේශපාලන වාසි ලබාගැනීමට උත්සහ කරන බවට ‘‘මව්බිම වෙනුවෙන් රණවිරුවෝ’’ සංවිධානය චෝදනා කරනවා.

ඔවුන් ඒ බව පැවසුවේ කොළඹ අද (27) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

විශ‍්‍රාමික මේජර් විමල් වික‍්‍රමගේ සඳහා මුදල් එකතු කිරීමේ ව්‍යාපාරයක් ‘‘මව්බිම වෙනුවෙන් රණවිරුවෝ’’ සංවිධානය ද ඉකුත් සමයේ දියත් කර තිබුණා. තමන්ට පසුව තවත් පිරිස් ද එවැනි මුදල් එකතු කිරීමේ ව්‍යාපාර ආරම්භ කළ බවයි එහි කැඳවුම්කරු මේජර් අජිත් ප‍්‍රසන්න කියා සිටියේ.

එසේ තිබියදී විවිධ පාර්ශ්වලින් එකතු වූ සියලු මුදල්වල ගෞරවය තනිව අත්පත් කරගැනීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන ඇතුළු කණ්ඩායමක් සූදානම් වන බවට ද ඔහු චෝදනාවක් කළා.

එහිදී වැඩි දුරටත් සඳහන් කළේ “දහඅටලක්ෂ පන්දාහසක් වෙනකම් එකතු වුණා.. එතකොට මම විමල් වික්‍රමගේට කතා කරලා කිව්වා තවදුරටත් සල්ලි එකතු කරන එක නවත්තන්න කියලා.. එහෙම තියෙද්දී පෙරේදා ගොඩගම ආයෙත් සැරයක් මුදල් එකතු කළා. ඒ බන්දුල ගුණවර්ධන.” යනුවෙනි.

(එම හඬපටය පහතින් අහන්න)

මේජර් විමල් වික‍්‍රමගේ ද ඇතැම් අවස්ථාවලදී බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයාට අවශ්‍ය පරිදි කි‍්‍රයාකරන බවට ද මේජර් අජිත් ප‍්‍රසන්න මෙහිදී චෝදනා කළා. එය රණවිරුවන් වෙනුවෙන් කැපවීමේ පොදු අරමුණට පටහැනි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.