Saturday, April 20, 2024

General line - 0115112241

ලබාදෙන ඕනෑම මුදලක් ස්තුතියි පූර්වකව භාරගන්නවා




අධිකරණය විසින් නියම කරන ලද වන්දි මුදල ගෙවීමට කුමන පාර්ශවයක් මගින් හෝ ලබාදෙන ඕනෑම මුදලක් ස්තුතියි පූර්වකව භාරගැනීමට තමන් සූදානම් බව විශ‍්‍රාමික මේජර් විමල් වික‍්‍රමගේ පවසනවා. ඔහු මේ බව කියාසිටියේ මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය ඊයේ (27) කළ ප‍්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින්.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු මේජර් අජිත් ප‍්‍රසන්න කියාසිටියේ අධිකරණය විසින් වන්දි ගෙවීමට හෝ ඇප නියමවූ රණවිරුවන්ට මුදල් එකතු කරන මුවාවෙන් ඇතැම් පිරිස් දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කරන බවයි.

විශ‍්‍රාමික මේජර් විමල් වික‍්‍රමගේ සදහා මුදල් එකතු කිරීමේ ව්‍යාපාරයක් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය ඉකුත් සමයේ කි‍්‍රයාත්මක කර තිබුණා. තමන්ට පසුව තවත් පිරිස් එලෙස මුදල් එකතු කළ බවයි මේජර් අජිත් ප‍්‍රසන්න ප‍්‍රකාශ කළේ. සියලූ පාර්ශවවලින් එකතු වූ මුදල්වල ගෞරවය තනිව අත්පත් කර ගෙන දේශපාලන වාසි ලබාගැනීමට ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් උත්සාහ දරණ බවට ඔහු චෝදනා කළා.

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් විශ‍්‍රාමික මේජර් විමල් වික‍්‍රමගේගෙන්ද විමසීමක් කළා.

විශ‍්‍රාමික මේජර් විමල් වික‍්‍රමගේද ඇතැම් අවස්ථාවලදී බන්දුල ගුණවර්ධන මන්තී‍්‍රවරයාට අවශ්‍ය පරිදි කටයුතු කරන බවට මේජර් අජිත් ප‍්‍රසන්න චෝදනාවක් කළා. ඒ සම්බන්ධයෙන්ද විශ‍්‍රාමික මේජර් විමල් වික‍්‍රමගේ පිළිතුරු ලබාදුන්නා.