Friday, April 26, 2024

General line - 0115112241

අපේ ණයබර කරට ගන්න රටවල් 04ක් එයි




ශී‍්‍ර ලංකාවේ ණය බර අවම කිරීම සදහා පූර්ණ සහාය ලබාදෙන බව ලොව ප‍්‍රබල රටවල් රැසක් නිල වශයෙන් ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ, එම රටවල මහකොමසාරිස්වරුන් සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක අතර ඊයේ පැවති සාකච්ඡාවකදීයි.

අමෙරිකාව, ජර්මනිය, ප‍්‍රංශය සහ බි‍්‍රතාන්‍යය යන රටවල් මෙලෙස ශී‍්‍ර ලංකාවට සහාය ලබාදීමට සූදානම් බවයි මුදල් අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේ. මෙම රටවල් 4, ආර්ථික වර්ධනය සහ ලෝක වෙළදාම ශක්තිමත් කිරීම සදහා 1961 වසරේදී පිහිටුවාගත් ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සදහා වූ සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයන් වනවා. රටවල් අතර ණය හුවමාරුවලදී පොලී අනුපාත සකස් කිරිමේ කටයුතුද මෙම සංවිධානය විසින් සිදුකරනු ලබනවා.

මේ වනවිට ශී‍්‍ර ලංකාවේ සමස්ත ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 8500 කට ආසන්නයි. ඉන් සියයට 42 ක් ම පවතින්නේ විදේශ ණය ලෙසයි. මෙම ණය බරතාවයෙන් මිදීම සදහා දැනට ශී‍්‍ර ලංකාව විසින් ගෙවමින් සිටින ණය මුදල්වලට අදාළ පොළී අනුපාත අවම කිරිම සම්බන්ධයෙන්ද ඊයේ පැවති සාකච්ඡාවේදී අවධානය යොමුවුණා.