Friday, March 29, 2024

General line - 0115112241

අගමැති රනිල් නවසීලන්තයට යන පළමුවැනියා වෙයි..! ගමන හෙට




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හෙට (29) නවසීලන්තයේ සංචාරයකට එක්වීමට නියමිතයි. එය මෙරට අග‍්‍රාමාත්‍යවරයෙකු නවසීලන්තයේ සිදු කෙරෙන ප‍්‍රථම නිල සංචාරය වනවා. අග‍්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වන්නේ එරට අග‍්‍රාමාත්‍ය ජොන් කී ගේ ආරාධනයකට අනුවයි.

එහිදී අග‍්‍රාමාත්‍යවරයා වෙළද ක්‍ෂේත‍්‍රය, කලාපීය ආර්ථිකය සහ ආරක්‍ෂාව සම්බන්ධයෙන් වූ ද්විපාර්ශවික සාකච්ඡා කිහිපයකට සහභාගිවීමට නියමිතයි. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මෙම සංචාරය සම්බන්ධයෙන් විශේෂ ප‍්‍රකාශයක් සිදුකරමින් එරට අග‍්‍රාමාත්‍ය ජොන් කී ප‍්‍රකාශ කර තිබුණේ දෙරට අතර දීර්ඝ කාලීන මිතුදම තහවුරු කිරීමට මෙය අවස්ථාවක් වනු ඇති බවයි.