Tuesday, April 23, 2024

General line - 0115112241

ගාම්බීර් දෙවසරකට පසු සංචිතයට




වසර දෙකකට පසු ආරම්භක පිතිකරු ගෞතම් ගාම්බීර් ඉන්දීය ටෙස්ට් කි‍්‍රකට් සංචිතයට කැදවා තිබෙනවා. ඒ, සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සදහායි. ආබාධයකට ලක්ව සිටින ලෝකේෂ් රාහුල් වෙනුවට ගෞතම් ගාම්බීර් ඉන්දිය කණ්ඩායමට කැදවා තිබෙනවා.

මේ අතර ආබාධයක් හේතුවෙන් ඉෂාන් ෂර්මාද නවසීලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයෙන් ඉවත් කර තිබෙනවා. ඒ වෙනුවට ඉන්දීය කණ්ඩායමට කැදවා ඇත්තේ හර්යානා ප‍්‍රාන්ත කී‍්‍රඩක ජයනට් යාදෙව්. ඉන්දියාව සහ නවසීලන්තය අතර දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන 30 වනදා කොල්කටාහිදී ආරම්භ වනවා.