Friday, April 26, 2024

General line - 0115112241

දෙමාපියන්ගේ Facebook ගිණුම නිසා අවාසනාව ළඟාවූ දියණියකගෙන් මාපියන්ට නඩු




සිය අනුදැනුමකින් තොරව තම ඡායාරූප ෆේස්බුක් සමාජ ජාලයේ පළ කොට ඇති බවට චෝදනා කරමින් 18 හැවිරිදි  ඕස්ටේ‍්‍රලියානු තරුණියක් දෙමව්පියන්ට එරෙහිව නඩු පවරා තිබෙනවා. 2009 වසරේ සිට මේ දක්වා සිය දෙමව්පියන් තමන්ගේ අවසරයකින් තොරව ඔවුන්ගේ ෆේස්බුක් පිටු තුළ තම ඡායාරූප පල කර ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.

එමගින් තම පුද්ගලිකත්වයට හානි සිදුව ඇති බවද ඇය ප‍්‍රකාශ කරනවා. මිතුරන් 700 කට වැඩි පිරිසක් සිටින දෙමව්පියන්ගේ ෆේස්බුක් පිටුවේ තම කුඩා කළ ඡායාරූප පල කර ඇති බවත් එමගින් තම ජීවිතය අවාසනාවන්ත තත්ත්වයකට පත්ව ඇති බවත් ඇය අධිකරණය හමුවේ පෙන්වා දී තිබෙනවා.