Friday, April 26, 2024

General line - 0115112241

ආසියානු වෙරළ කී‍්‍රඩා උළලෙන් ශී‍්‍ර ලංකාවට තවත් පදක්කමක්




වියට්නාමයේ පැවැත්වෙන පස්වැනි ආසියානු වෙරළ කී‍්‍රඩා උළෙලේදී ශී‍්‍ර ලංකා කාන්තා කබඩි පිල ඊයේ (27) ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා. පෙරේදා දිනයේ පිරිමි බීච් කබඩි පිලද ලෝකඩ පදක්කමක් දිනාගත් හෙයින් මෙවර වෙරළ කී‍්‍රඩා උළේලේ ශී‍්‍ර ලංකාව ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

මෙහි පිරිමි අවසන් තරගය ලකුණු 25-23 කින් ජයගත් ඉන්දියාව රන් පදක්කම දිනාගත් අතර රිදී පදක්කම පාකිස්තානයට හිමි වුණා. කාන්තා අවසන් තරගය ලකුණු 43-31 කින් ජයගත් ඉන්දියාව රන් පදක්කම දිනාගත් අතර රිදී පදක්කම තායිලන්තයට හිමි වුණා.

ලෝකඩ පදක්කම දිනාගත් ශී‍්‍ර ලංකා කාන්තා කබඩි පිලට සජිනි මනෝහරී, මාධවී විජේකෝන්, මනේජා ලක්මාලි, මධුෂානි චතුරිකා, මධුරිකා අලහකෝන් හා මෙතුෂලා තිලක්‍ෂණී ඇතුළත් වූ අතර පිරිමි කණ්ඩායමට මිලින්ද අහංගම, චමින්ද සමරකෝන්, ළහිරු කුරුප්පු, කසුන් තේනුවර, රනිදු චාමර හා ඒ එස් ආර් රත්නායක ඇතුළත් වුණා.