Tuesday, April 23, 2024

General line - 0115112241

සෆාරි රියේ බිහිසුණු ගමනෙන් මව සහ දියණිය එතනමයි – බිළිඳා විසිවී යයි (PHOTOS)




සෆාරි කැබ් රථයක් මාර්ගයේ ගමන් ගනිමින් සිටි මවක් දියණියක් සහ කුඩා දරුවෙකු යටකරගෙන ගොස් අසළ තිබූ මාර ගසක ගැටී අද (28) දහවල් අනතුරක් සිදුව තිබෙනවා.

ගල්කිරියාගම පුබ්බෝගම ප‍්‍රදේශයේදී සිදුවූ මෙම රිය අනතුරෙන් මව සහ දියණිය ජීවිතක්ෂයට පත්ව ඇති අතර කුඩා දරුවා තුවාල ලබා තිබෙනවා.

පුබ්බෝගම ක‍්‍රීඩාපිටිය අසළදී අනතුර සිදුවුණා.

මව සහ දියණිය කැබ් රථයට යටවී රථය සමග ඇදී ගොස් අසළ තිබූ මාර ගසට සිරවී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. දියණිය අත දරා සිටි වයස අවුරුද්දක් පමණ වන කුඩා දරුවා අනතුරත් සමග මාර්ගය අසළ ඇති කාණුවක් දෙසට විසිවී ගොස් තිබෙනවා. ඒ අනුව දරුවා සොයා ගැනුණේ අදාළ කාණුවේ සිටියදීයි.

ella-www-nethnews-lk00001  ella-www-nethnews-lk00001 ella-www-nethnews-lk00002 ella-www-nethnews-lk00003ella-www-nethnews-lk00003 ella-www-nethnews-lk00004  ella-www-nethnews-lk00006 ella-www-nethnews-lk00013 ella-www-nethnews-lk00015 ella-www-nethnews-lk00016 ella-www-nethnews-lk00020 ella-www-nethnews-lk00022