Wednesday, April 24, 2024

General line - 0115112241

“වෛද්‍යවරුන්ට බමුණු කුලයක් හදන්න දෙන්නෙ නැහැ”




රට තුළ බමුණු කුලයක් නිර්මාණය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උත්සාහ කරන බවට එක්සත් ජාතික පක්‍ෂය චෝදනා කරනවා.

එහෙත් එවැනි බමුණු කුලයක් නිර්මාණය කිරීමට ඔවුන්ට ඉඩ නොදෙන බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජබර් රහුමාන් කියාසිටියේ.

වෛද්‍යවරුන්ගේ දරු දැරියන්ට ජනපි‍්‍රය පාසල් ලබාදිය යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීම් කරනවා. මුජබර් රහුමාන් මන්තී‍්‍රවරයා මෙම අදහස් පළ කළේ ඊට ප‍්‍රතිචාර දක්වමින්.

සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ අද (28) පැවැත්වූ මාධ්‍ය හමුවකදි මෙම අදහස් පළ වුණා.