Saturday, April 20, 2024

General line - 0115112241

බංගලියන් පරදා ඇෆ්ගනිස්ථානයට පෙරළිකාර ජයක්!




සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා බංගලාදේශය අතර ඊයේ පැවති දෙවන එක්දින තරඟයෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුලු දෙකක පෙරළිකාර ජයක් ලැබීමට සමත් වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 2ක් අවසනායේ සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 208ක් පමණයි.

බංගලාදේශ පිළ වෙනුවෙන් මොසාදෙක් හසන් නොදැවී ලකුණු 45ක්ද,මුෂ්ෆිකර් රහීම් ලකුණු 38ක්ද ලබාගැනීමට සමත්වුණා.

වෙනත් කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නෝ ඉඩ තැබුවේ නැහැ.

පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් රශීඩ් ඛාන් කඩුලු 3ක්ද,මිර්වායිස් අෂ්රෆ් හා මොහොමඩ් නබී කඩුලු 2 බැගින්ද දවාගැනීමට සමත් වුණා.

අනතුරුව ලකුණු 209ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අවසන් පන්දුවාරයේදී ලකුණු 212 ලබාගිනිමින් තරඟය ජයගත්තා.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් ඇෂ්ගර් ස්ටැනික්සායි අර්ධ ශතකයක් වාර්තා කරමින් ලකුණු 57ක් ලබාගත් අතර මොහොමඩ් නබී පන්දු 61කින් වේගවත් ලකුණු 49ක් රැස් කිරීමට සමත්වුණා.

බංගලාදේශ පිළ වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ සකීබ් අල් හසන් ලකුණු 47ට කඩුලු 4ක් දවාගැනීමට සමත් වුණා.

තරඟයේ වීරයා සම්මානය හිමිවූයේ ඇෆ්ගනිස්ථානයේ මොහොමඩ් නබීටයි.

ඒ අනුව තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලියේ තරඟ 1 – 1 ලෙස කණ්ඩායම් දෙකම මේ වන විට සම තත්වයේ පසුවනවා.