Tuesday, April 23, 2024

General line - 0115112241

විග්නේෂ්වරන්ට බැට දෙන්න ඥාණසාර හිමියෝ පෙරට එයි!




උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීගවී විග්නේශ්වරන්ගේ නායකත්වයෙන් සිදුවන ව්‍යවස්ථා විරෝධී දේශද්‍රෝහී සිංහල බෞද්ධ විරෝධී ජාතිභේදවාදී ප්‍රකාශ හා වැඩපිළිවෙලට විරෝධය දැක්වීම හා උතුරු-නැගෙනහිර පළාතේ සුළු ජනවර්ගය වන සිංහල බෞද්ධයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීම උදෙසා රාවාණා බලය, සිංහලේ ඇතුළු සිංහල බෞද්ධ සංවිධාන විසින් විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කොට තිබෙනවා.

මෙය නම් කොට ඇත්තේ ‘සහයෝගිතා මෙහෙයුම‘ ලෙසින්.

හෙට (30)  උදෑසන 9 ට බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ප්‍රධානත්වයෙන් වවුනියාවේ  මාමඩුව හංදිය අසලදී මෙය පැවැත්වීමට නියමිත බවයි වාර්තාවන්නේ.