Friday, March 29, 2024

General line - 0115112241

සත්‍ය සෙවීමේ කොමිසම ළඟදීම




යුද සමයේදී කිසියම් යුද අපරාධ හෝ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් වැනි වෙනත් නීති විරෝධී කි‍්‍රයා සිදුවී ඇත්දැයි සොයාබැලීම සඳහා ‘සත්‍ය සෙවීමේ කොමිසම’ ලබන සැප්තැම්බරය වන විට පිහිටුවන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ කොළඹදී අද (06) මාධ්‍ය හමුවක් පවත්වමින්.

වැරදි කළ අය වේනම් රටේ පොදු යහපත සඳහා ඔවුන්ට දඬුවම් කළ යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. කෙසේවෙතත් කිසිවෙකුට හෝ දඬුවම් ලබාදීමට ආණ්ඩුව ජාත්‍යන්තරයට පොරොන්දු වී නොමැති බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

සංහිඳියාව සඳහා ශ‍්‍රී ලංකාව ගනු ලැබ ඇති කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් ජාත්‍යන්තරය ප‍්‍රසාදය පළකර ඇතැයි ද අමාත්‍ය මංගල සමරවීර මහතා මෙම මාධ්‍ය හමුවේදී පැවසුවා. ඊට හොඳම උදාහරණය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉකුත් දා ජිනීවා හිදී රැස්වූ අවස්ථාවේදී තමන් වෙත ලැබුණු ප‍්‍රතිචාර බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.