Thursday, April 25, 2024

General line - 0115112241

ග්ලයිෆොසෙඩ් වලට විකල්ප ඉල්ලන ඇමති



කෘෂි රසායනික ද්‍රව්‍ය තහනම් කිරීම නිසා තේ වගාව බරපතළ අර්බුදයකට ලක්ව ඇතැයි අමාත්‍ය නවීන් දිසානායක පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ තේ වගාව ආශ්‍රිත ව්‍යාප්ත වන වල් පැළෑටි මර්දනය කිරීම සඳහා ප්‍රමාණවත් කම්කරුවන් ක්ෂේත්‍රයේ නොමැති බවයි.

නෙත් එෆ්.එම්. රේඩියෝවේ ඊයේ රාත්‍රියේ විකාශය වූ නෙත් එෆ්.එම්. අන්ලිමිටඩ් වැඩසටහනට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ග්ලයිෆොසෙඩ් කෘෂි රසායනිකය තහනම් කරන්නේ නම් වල් පැළෑටි මර්දනය සඳහා වෙනත් විකල්පයක් හඳුන්වා දිය යුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය තහනම් කිරීම නිසා තේ වගාකරුවන් ගැටලූ රැසකට මුහුණ දී ඇති බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

සම්පූර්ණ හඬපටය පහතින්