Saturday, April 20, 2024

General line - 0115112241

ලක්මි ශ්‍රී ලංකා විලාසිතා සංදර්ශනය ලබන 9 සහ 10




ඩීවාලීසියස් විසින් සංවිධාන කරනු ලබන පළමු ලක්මි ශ්‍රී ලංකා විලාසිතා සංදර්ශනය ලබන ඔක්තෝම්බර් මස 9 වෙනිදා කොළඹදී ආරම්භ වනවා.

මේ සඳහා ලොව සුප්‍රසිද්ධ විලාසිතා නිර්මාණකරුවන් සහභාගි වීමට නියමිතයි.

ලබන 09 හා 10 දිනයන්හි දී උදෑසන 10 සිට පස්වරු 6 දක්වා කින්ග්ස්බරි හෝටලයේ පැවැත්වෙන බවත් සියලු දෙනාට ආරාධනා කරන බවත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලක්මි ශ්‍රී ලංකා විලාසිතා සංදර්ශනයේ සම සංවිධායක ප්‍රසන්න පද්මනාදන් පැවසුවා.

මෙයින් නව විලාසිතා සංස්කෘතියක් ලංකාව තුළ බිහිවනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.