Friday, April 19, 2024

General line - 0115112241

වව්නියාවේ මහා සංගීත ප්‍රසංගයක්




වව්නියාව ප‍්‍රදේශයේ වෙසෙන සිංහල, දමිළ සහ මුස්ලිම් වැසියන්ගේ විනෝදාශ්වාදය සඳහා වසරේ දැවැන්තම මහ සංගීත ප‍්‍රසංගය 2016 ඔක්තෝබර් මස 07 වැනි දින රාත‍්‍රි 07.30 සිට වව්නියාව කොක්එළිය ක‍්‍රීඩා පිටියේදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබෙනවා.

මෙම සංගීත ප‍්‍රසංගය සඳහා වාදනය සපයනු ලබන්නේ දිවයිනේ නමගිය සංගීත කණ්ඩායමක් වන  “සීදුව සකුරා” සංගීත කණ්ඩායමයි.

එදින ජනප‍්‍රිය ගායක ගායිකාවන් වන කේ සූජීවා, ශානිකා මධුමාලි, චලක චමුපති, බයිලා චක‍්‍රවර්ති එම.එස්. ප‍්‍රනාන්දුගේ පුත් සරත් ප‍්‍රනාන්දු, ගෝකුලන් වසන්තන්, ජනිත් ඉද්දමල්ගොඩ සහ රණවිරු රියල් ස්ටාර් හී ශීල්පීන්ද සහභාගීවීමට නියමිතයි.

මෙම ප‍්‍රසංගය  “සෙෂන් වන්” නර්ථන කණ්ඩායමෙ නර්ථනයන්ගෙන් විචිත‍්‍රවත් වනු ඇත. මෙම ප‍්‍රසංගයේ කථනය ජනප‍්‍රිය රූපවාහිණි නිවේදකයෙකු වන නදීක කරුණානායක විසින් සිදුකරනු ලබයි.

unnamed