Friday, March 29, 2024

General line - 0115112241

ඉන්දියාව රහසේම දේශසීමාව පැන ප්‍රහාර අරඹයි – පාකිස්තානයේ සෙබලුන් දෙදෙනෙක් මරුට (VIDEO)




ඉන්දියාව විසින් පාකිස්ථානයේ කාශ්මීර් ප්‍රදේශයේ ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් හඳුනාගත් ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කර තිබෙනවා.

කෙසේවෙතත් මෙම ප්‍රහාර තරයේ හෙලා දකින බවයි පාකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ෂෙරීෆ් පවසන්නේ. ඔහු සඳහන් කර ඇත්තේ පකිස්ථානයේ ස්වෛරීත්වයට බලපෑමක් එල්ලවන ඕනෑම ප්‍රහාරයක් වැලැක්වීමට තම හමුදා ශක්තිමත් බවයි.

ප්‍රහාරවලින් පාකිස්ථාන ආරක්ෂක අංශයේ හමුදා සෙබලුන් දෙදෙනෙකු මියගොස් ඇති බවටත් විදෙස් වාර්තා සදහන් කරනවා.

විදෙස් වාර්තා වැඩි දුරටත් සඳහන් කළේ ඊයේ (28) රාත්‍රියේ සිට ඉන්දීය හමුදාව කාශ්මීර් දේශසීමාව ඔස්සේ ගොස් මෙලෙස ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කරන බවයිි.

පාකිස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කැරළිකරුවන්ගේ ප්‍රහාර සැලසුම් මැඩපැවැත්වීම වෙනුවෙන් මෙම පහරදීම් සිදුකල බව ඉන්දියාව ප්‍රකාශකර තිබෙනවා.

af669db3116b4ffa9d644fd53ef96079_18_d7357e3c-862e-11e6-92b8-e7f1e026a3c4 briefing-ranbir-operations-director-general-general-military_13bf656e-8636-11e6-aa25-6de36c266871 nawaz-sharif_650x400_41470305746