Thursday, March 28, 2024

General line - 0115112241

කෝප් සභාපති පුරප්පාඩුව පුරවන හැටි පහදයි




කිසියම් සාමාජිකයෙකු ඉවත් වීමෙන් කෝප් කමිටුවේ පුරප්පාඩුවක් ඇති වූ විට ඊට අනුප‍්‍රාප්තිකයෙකු පත්කළ යුත්තේ ඉවත් වූ සාමාජිකයා අයත් දේශපාලන පක්ෂයෙන් බව කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

එම දේශපාලන පක්ෂය විසින් අනුප‍්‍රාප්තිකයෙකු පත්කිරීමෙන් පසු කථානායකවරයා ඒ බව පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

ඔහු ඒ බව පැවසුවේ කෝප් කමිටු සාමාජිකත්වයෙන් තමන් ඉවත් වන බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. වේලූකුමාර් මහතා කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදීයි.

කෝප් කමිටුවෙන් ඉවත් වූ බව කියන එම්. වේලූකුමාර් මහතා දෙමළ ජාතික පෙරමුණ නියෝජනය කරමින් මහනුවර දිස්ති‍්‍රක්කයෙන් එක්සත් ජාතික පක්‍ෂය යටතේ තරග කර පාර්ලිමේන්තුවට තේරි පත් වූ අයෙක්. වේලූකුමාර් මහතා මෙම තීරණය ගනු ලැබුවේ දෙමළ ජාතික පෙරමුණේ ද අනුමැතිය සහිතව බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා නෙත් නිවුස් වෙත කියා සිටියා.