Thursday, April 25, 2024

General line - 0115112241

පියෙක් නාත්තණ්ඩිය පාසලක් දෙවනත් කරයි – පුතාට ගැහුවා කියා පාසලටම විත් තවත් සිසුවෙකුට පහරදීලා!




පාසලකට අනවසරයෙන් ඇතුළු වී දරුවෙකුට පහරදුන් බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සදහා කොස්වත්ත පොලීසිය විමර්ශන ආරම්භ කර තිඛෙනවා.

මෙම පහරදීම සිදුව ඇත්තේ නාත්තණ්ඩිය ප්‍රදේශයේ පාසලකදීයි.

පහරකෑමට ලක් වූ එම විද්‍යාලයේ පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු මේ වනවිට මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබනවා.

අදාළ විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු පාසල තුළදී ගැටුමක් ඇතිකර ගෙන ඇති බවයි විමර්ශනවලදි අනාවරණ වී ඇත්තේ. ගැටුමට සම්බන්ධ එක් සිසුවෙකුගේ සහෝදරියක්ද විද්‍යාලයේ ඉගෙනුම ලබනවා.

ඇය ගුරුවරියකගේ ජංගම දුරකතනයකින් ඒ පිළිබද සිය පියාට දැනුම් දී ඇතැයි වාර්තා වන්නේ. ඒ අනුව පියා පාසලට පැමිණ තම පුත්‍රයා සමග ගැටුම් ඇතිකර ගත් අනෙක් සිසුවාට පහරදී තිඛෙනවා.

එමෙන්ම විදුහල්පතිවරයාට හෝ ආචාර්ය මණ්ඩලය නොදන්වා ඔහු තම දරුවාව පාසලෙන් රැගෙන ගොස් ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී තිඛෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.