Thursday, April 25, 2024

General line - 0115112241

ජාතික මහා ක්‍රීඩා උළලේ පාපන්දු හා මළල ක්‍රීඩා ඉසව් රැසක අවසන් තරඟ අද




42 වන ජාතික මහා ක්‍රීඩා උළලේ පාපන්දු අවසන් තරඟ අද පැවැත්වෙනවා.

මළළ ක්‍රීඩා ඉසව් 10ක අවසන් තරඟද අද පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම කාන්තා හා පිරිමි පාපන්දු අවසන් තරඟද අද පැවැත්වීමට නියමිතයි.බස්නාහිර හා වයඹ පළාත් කාන්තා හා පිරිමි අවසන් තරඟයට සුදුසුකම් ලබා තිබෙනවා.

කාන්තා හා ළමා කටයතු නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් පාපන්දු අවසන් තරඟ ආරම්භ වීමට නියමිතයි.

විදුලි ආලෝක මධ්‍යයේ මෙම අවසන් තරඟ පැවැත්වීම සුවිශේෂි කරුණක්.

පාපන්දු ක්‍රීඩාවට විශේෂ ඇල්ලමක් දක්වන උතුරු පළාතේ අද දින දොරේ අප්පා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පාපන්දු අවසන් තරඟ නැරඹීමට විශාල පිරිසක් එක්වනු ඇති බවයි වාර්තාවන්නේ.

14527632_10210823445408522_511601358_n

14542753_10210823462848958_1288662947_n

14555995_10210823462568951_1988664212_n

14556074_10210823446328545_464859178_n