Friday, March 29, 2024

General line - 0115112241

දුමින්දත් බන්ධනාගාර රෝහලට




බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හෙට හෝ අනිද්දා දිනය වනවිට නැවත වැලිකඩ බන්ධනාගාරයට මාරු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් තුෂාර උපුල්දෙණිය සදහන් කළේ උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මීට දින තුනකට පෙර බන්ධනාගාර රෝහලට මාරු කළ බවයි.

මේ වනවිට ඔහු රෝගී තත්ත්වය සුව අතට පත්වෙමින් ඇති නිසා නැවත වැලිකඩ බන්ධනාගාරයට මාරු කෙරෙනවා.

භාරත ලක‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධියට වරදකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්තී්‍ර දුමින්ද සිල්වා මරණ දඩුවමට ලක්ව සිරගත කර සිටිනවා.