Friday, April 26, 2024

General line - 0115112241

නවසීලන්ත මහකොමසාරිස් කාර්යාලයක් ශ්‍රි ලංකාවට




නවසීලන්ත මහකොමසාරිස් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එරට අග්‍රාමාත්‍ය ජෝන් කී එකගතාව පළ කර තිඛෙනවා.

ඒ, නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග අද පෙරවරුවේ පැවති විශේෂ සාකච්ඡාවේදීයි.

ඒ අනුව නවසීලන්ත මහකොමසාරිස් කාර්යාලය ලබන වසර මුලදී ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට නියමිතයි.

නවසීලන්තයේ තෙදින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස පිළිගැනීම ඕක්ලන්ඩ් නුවර පිහිටි රාජ්‍ය මන්දිරයේදී ඊයේ සිදු කෙරුණා.

ඒ, එරට අග්‍රාමාත්‍ය ජෝන් කීගේ ප්‍රධානත්වයෙන්. වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාව මුහුණදුන් ත්‍රස්තවාදය මේ වනවිට අවසන් කර තිඛෙනවා.

ඉන්පසුව ශ්‍රී ලංකාව ලබා ඇති ආර්ථීක සහ දේශපාලන වර්ධනය සම්බන්ධයෙන් සතුටට පත්වන බවයි නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ.

දෙරට අතර පවතින ආර්ථීක සහ දේශපාලන සබදතා තවදුරටත් ශක්තිමත් කිරීමට මහකොමසාරිස් කාර්යාලයක් පිහිටුවීම වඩාත් යෝග්‍ය බවයි අග්‍රාමාත්‍ය ජෝන් කී පෙන්වා දුන්නේ.