Thursday, April 25, 2024

General line - 0115112241

පාකිස්තානය තුළ ඉන්දීය මාධ්‍ය තහනම් කෙරේ




ඉන්දීය රූපවාහිනි හා ගුවන් විදුලි නාලිකා සිය රට තුළ විකාශය කිරීම පාකිස්තානය තහනම් කර තිබෙනවා.

ඒ, ඉන්දීය හමුදා පාකිස්තාන දේශ සීමාවේ කාශ්මීර් ප‍්‍රදේශයේ ත‍්‍රස්ත ඉලක්ක වෙත ප‍්‍රහාර එල්ල කිරීමට විරෝධය පළ කරමින්.

පාකිස්තානයේ විද්‍යුත් මාධ්‍ය නියාමන අධිකාරිය මගින් මෙම නීතිය පනවා ඇති බවයි විදෙස් පුවත් සේවා වාර්තා කළේ.

මේ අතර පාකිස්තාන සිනමාහල්වල ඉන්දියානු චිත‍්‍රපට තහනම් කිරීමට ද පාකිස්තානු බලධාරීන් කටයුතු කර ඇතැයි විදෙස් වාර්තා අනාවරණ කළා.

අද (01) දිනයේ ද කාශ්මීරයේ වෙඩි හුවමාරු සිදු වූ බවයි විදෙස් පුවත් සේවා වැඩිදුරටත් සඳහන් කළේ.