Saturday, April 20, 2024

General line - 0115112241

ළමයින් මෙහෙකාර සේවයේ යොදවන්නන්ට දඬුවම් වැඩි වෙයි!




ළමයින් මෙහෙකාර සේවයේ යෙදවීම සම්බන්ධයෙන් දැනට නියම කරනු ලබන රුපියල් දස දහසක දඩ මුදල කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බව කම්කරු හා වෘත්තීය සමිති සබදතා අමාත්‍ය ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න පවසනවා.

අවම වශයෙන් එම දඩය රුපියල් විසිපන්දහසක් දක්වා ඉහළ දැමිය යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ළමා මෙහෙකාර සේවය ශ‍්‍රී ලංකාවෙන් තුරන් කිරීම අරමුණු කර ගනිමින් කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශය සංවිධාන කළ ලෝක ළමා දින සැමරුම් උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

ළමයින් මෙහෙකාර සේවයේ යෙදවීම සම්බන්ධයෙන් වන දඬුවම් වැඩි කිරීම කෙරෙහි මේ වනවිට අවධානය යොමු කර ඇති බව ද ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න අමාත්‍යවරයා මෙහි දී ප‍්‍රකාශ කළා.