Friday, April 19, 2024

General line - 0115112241

අගමැති ‘අන්ජලී’ සොයා යයි (PHOTOS)




නවසීලන්තයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එරට ඕක්ලන්ඩ් හීදි “අන්ජලී” දැකබලා ගැනීමට කටයුතු කළා.

පසුගිය පෙබරවාරි මාසයේ නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අවස්ථාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ අන්ජලී නම් ඇත් පැටවා රඳවා ඇත්තේ ඕක්ලන්ඩ් සත්ව උද්‍යානයේයි.

පින්නවල දී උපන් අන්ජලීට දැන් වයස අවුරුදු 9 ක් වන අතර අන්ජලී ගේ ඇත්ගොව්වා පවසා ඇත්තේ ඇය ඉතා සනීපයෙන් හා සතුටින් සිටින බවයි.

b37a0976 b37a0989 b37a1010 b37a1030 b37a1036 b37a1042 b37a1067