Thursday, April 25, 2024

General line - 0115112241

ශානිකා අමරසිංහගෙන් නව තරග වාර්තාවක් (PHOTOS)




ජාතික මහා කී‍්‍රඩා උළලේ අද (02) උදෑසන පැවති තරගයකින් දකුණු පළාතේ ශානිකා අමරසිංහ නව තරග වාර්තාවක් බිහි කිරීමට සමත් වුණා.

ඇය මිටිය විසි කිරීමේ කාන්තා ඉසව්වෙන් මෙම නව තරග වාර්තාව පිහිටුවීමට සමත් වුණා. එ් මීටර් 45.85 ක දක්ෂතාවක් වාර්තා කරමින්.

මිටිය විසි කිරීම කාන්තා ඉසව්වේ රිදී පදක්කම ඌව පළාතේ අයේෂා මධුවන්ති දිනා ගත්තා. ලෝකඩ පදක්කම දිනා ගත්තේ බස්නාහිර පළාතේ අරුණි ලක්ෂිකායි.

මේ අතර අවසන් දිනයේ තරග ආරම්භ කරමින් අද උදෑසන පැවැත්වුණේ මීටර් දස දහස කාන්තා ධාවන ඉසව්වයි. එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සබරගමුව පළාත නියෝජනය කළ එ්.එන්.එල් ආරියදාස සමත් වුණා. එ් විනාඩි 37 යි තත්පර 28 යි දශම 8ක දක්ෂතාවක් වාර්තා කරමින්.

රිදී පදක්කම ඌව පළාතේ එස්.එ්. ලමාහේවගේ දිනාගත් අතර ලෝකඩ පදක්කම දිනා ගත්තේ බස්නාහිර පළාතේ කේ.කේ.එ්.එම්. කුමාරසිංහ.

මේ අතර මෙවර ජාතික මහා කී‍්‍රඩා උළෙලේ වේගවත්ම කී‍්‍රඩකයා සහ කී‍්‍රඩිකාව තෝරන මීටර් 100 අවසන් ධාවන ඉසව්වද අද පස්වරුවේ පැවැත්වෙනවා.

14543509_10210834635568269_1573214323_n 14555582_10210834635728273_1246947761_n 14568947_10210834637208310_932073683_n