Saturday, April 20, 2024

General line - 0115112241

ලංකාවේ 06 න් 01කට ලෙඩක්




ශ‍්‍රී ලංකාවේ සෑම පුද්ගලයින් හයදෙනෙකුගෙන්ම එක් අයෙකු එනම් ජනගහණයෙන් සියයට 18 ක් කුමන හෝ දීර්ඝ කාලීන රෝගයකින් පෙළෙන බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

මෙම අධ්‍යයනය සිදුකර ඇත්තේ ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින්.

දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ, ආඝාතය, පිළිකා, ඇදුම, මානසික රෝග, සන්ධි ඉදිමීම් සහ අපස්මාරය වැනි රෝග දීර්ඝ කාලීන රෝග ලෙස වර්ග කර තිබෙනවා.

මේ අතර අවුරුදු 15 ට අඩු දරුවන් අතර බහුලව හඳුනාගත හැක්කේ බෝවන රෝග බවයි මෙම අධ්‍යයනයෙන් වැඩිදුරටත් හෙළිව ඇත්තේ.