Thursday, April 25, 2024

General line - 0115112241

කෝප වූ ප්‍රංශ ජාතිකයෙක් ඇපල් දුරකථන කුඩුකරයි (VIDEO)




ඇපල් ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන අලෙවිසැලකට ඇතුළු වූ ප්‍රංශ ජාතිකයකු විසින් එහි තිබූ ජංගම දුරකථන ඇතුළු උපාංග රැසකට අලාභ හානි සිදු කර තිබෙනවා. ඒ ඝන ලෝහ බෝලයක් යොදා ගනිමින්.

කෝපයට පත් පුද්ගලයා විසින් ‘iPhone’ ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණකයක් විනාශ කරනු ලබන ආකාරය සඳහන් වීඩියෝවක්ද අන්තර්ජාලය වෙත මුදා හැර තිබෙනවා..

ප්‍රංශයේ ඩීජෝ නුවර පිහිටි ඇපල් ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන අලෙවිසැලේ ආරක්ෂකයන්ගෙන් බේරී පළා යාමට තැත් කළ ඉහත කී පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

අදාළ සිදුවීම පහතින් දැක්වේ.

30-113233-french_man_destroys_a_dozen_iphones_in_dijon_apple_store 1475364715200 man-smashes-apple-20161001_3f3736b598734e22a2129c07aa57e84a