Friday, March 29, 2024

General line - 0115112241

බස් ගාස්තු ප්‍රතිශතයන් සකස් කෙරෙයි




ලබන සදුදා (11) වනවිට බස් ගාස්තු සංශෝධනයක් සිදුවනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප‍්‍රකාශ කරනවා. ඊයේ (06) දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග මේ සම්බන්ධයෙන් සිදු කළ සාකච්ඡාව සාර්ථක බවත් බස් කර්මාන්තය මුහුණ පා ඇති ගැටළු රැසක් එහිදී සාකච්ඡාවට බඳුන් වූ බවත් හෙතෙම පැවසුවා.

ඊයේ පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන පි‍්‍රයන්ජිත් මහතාද අදහස් පළ කළා. ජනාධිපතිවරයා සමග පැය දෙකකට අධික කාලයක් පැවැති සාකච්ඡාවලින් අනතුරුව බස් ගාස්තු සංශෝධනය විය යුතුයි කියන කරුණ පිළිගත් බවයි ඔහු පැවසුවේ. ඒ අනුව බස් ගාස්තු ප්‍රතිශතයන් පිළිබඳව අවසන් සාකච්ඡාවක් එළඹෙන සඳුදා පැවැත්වෙන බවත් පැවසුවා.

බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විද්වත් කමිටුව සකස් කළ වාර්තාව ලබන අඟහරුවාදා (12) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ පෞද්ගලික බස් සංගම් නියෝජිතයන් අතර ඊයේ පැවැති සාකච්ඡාවේදී ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව ප‍්‍රකාශ කර තිබෙනවා.