Thursday, April 25, 2024

General line - 0115112241

යුරෝපා සංගමයෙන් ඉවත් වන දිනය ගැන බි‍්‍රතාන්‍යයෙන් ඉඟියක්




යුරෝපා සංගමයෙන් තම රට ඉවත් වීමේ මූලික කටයුතු ලබන වසරේ මාර්තු මාසය වනවිට ආරම්භ කරන බව එරට අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ පවසනවා.

යුරෝපා සංගමය තුළ බි‍්‍රතාන්‍යයේ පැවැත්ම සඳහා සකස් කළ නීතිමය ප‍්‍රතිපාදන ද ඉවත් කිරීමට ද අදාළ සැලසුම් ඉදිරියේ දී හෙළි කිරීමටයි නියමිතව ඇත්තේ. ඒ, බි‍්‍රතාන්‍ය අගමැතිවරිය ලෙස පළමු වරට කන්සවේටිව් පක්ෂ සම්මේලනය අමතන අවස්ථාවේදීයි.

බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බව ඉකුත් දා පැවති ඡුන්ද විමසීමක දී තහවුරු වුණා.

තෙරේසා මේ පවසන්නේ බි‍්‍රතාන්‍ය යළිත් ස්වෛරී හා ස්වාධීන රාජ්‍යක් බවට පත්වීම ආරම්භ වන බවයි.