Tuesday, April 16, 2024

General line - 0115112241

අගමැති හොබිට් සිනමා ගම්මානයේ (PHOTOS)




නවසීලන්තයේ නිල සංචාරයක නිරත අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස ඊයේ (02) එරට හොබිටන් සිනමා ගම්මානය නැරඹීමට එක්වුණා.

ලෝක ප‍්‍රකට ‘‘ලෝඞ්ස් ඔෆ් ද රින්ග්ස්’’ චිත‍්‍රපට ත‍්‍රිත්වය නිර්මාණය කිරීම සඳහා යොදා ගෙන ඇත්තේ මෙම සිනමා ගම්මානයයි.

එමෙන්ම ‘‘ ද හොබිට්’’ චිත‍්‍රපටය සඳහා ද පසුතලය ලෙස යොදා ගැණුනේ මෙම සිනමා ගම්මානය වීම විශේෂත්වයක්.

ලෝකයේ විවිධ රටවලින් වසරකට අති විශාල පිරිසක් මෙම සිනමා ගම්මානය නැරඹීම සඳහා පැමිණෙනවා.

කලකට පෙර සත්ව ගොවිපළක්ව පැවති මෙම ස්ථානය සිනමා පසුතල සඳහා සුදුසු බවට යෝජනා කර ඇත්තේ නවසීලන්ත චිත‍්‍රපට අධ්‍යක්‍ෂ පීටර් ජැක්සන් විසින්.

pm-www-nethnews-lk00001 pm-www-nethnews-lk00002 pm-www-nethnews-lk00003 pm-www-nethnews-lk00004 pm-www-nethnews-lk00005 pm-www-nethnews-lk00006 pm-www-nethnews-lk00007 pm-www-nethnews-lk00008 pm-www-nethnews-lk00009 pm-www-nethnews-lk00010