Tuesday, April 23, 2024

General line - 0115112241

නව මහ බැංකු අධිපති කෝප් කමිටුව හමුවට




නව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ අද (07) පෙනී සිටිමට නියමිතයි.

ඒ, ආන්දෝලනයකට ලක්ව ඇති මහ බැංකු බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහායි. කෝප් කමිටුව අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී රැස් වනවා.

පසුගිය සතියේද කෝප් කමිටුව රැස් වූ අතර එහිදී මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කමිටුව හමුවට කැඳවීමට තීරණය වුණා. ඒ වනවිට මහබැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළේ අර්ජුන් මහේන්ද්‍රන් මහතායි.

කෙසේවෙතත් මහබැංකු අධිපතිවරයාගේ නමින් නොව තනතුරේ නාමයෙන් මෙම කැඳවීම සිදුකර ඇති නිසා අද දිනයේදී ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කෝප් කමිටුව හමුවේ පෙනී සිටිනු ඇති.