Friday, April 26, 2024

General line - 0115112241

විග්නේෂ්වරන්ට එරෙහිව පැමි‍ණිල්ලක්




උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන්ට එරෙහිව අද (03) දිනයේ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව සිංහලේ ජාතික පෙරමුණ පවසනවා.

එහි සභාපති අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමි ඒ පිළිබඳව වැඩිදුර කරුණු දැක්වූවා.

“දැන් පසුගිය දිනවල විග්නේෂ්වරන් උතුරේ මහ ඇමතිවරයා දිගින් දිගටම දකුණ කළඹන වගේම ත්‍රස්තවාදයට මග පාදන හැසිරීම් රටාවක නියැළුනා. එහිදී අපේ ජාතික සංවිධාන වගේම නොයෙක් දෙනා විරෝධතා වගේම අදහස් ප්‍රකාශ කිරීම් සිදුකළා. නමුත් සිංහලේ ජාතික පෙරමුණ හැටියට අපි කල්පනා කළා විරෝධතාවයකින් අපි නවත්තලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ මහඇමතිවරයාගේ මෙවන් හැසිරීම් වෙනත් මන්ත්‍රීවරයෙකුගෙන් හෝ මහඇමතිවරයෙකුගෙන් හෝ වෙනත් කෙනෙකුගෙන් නොවෙන්නට නම් මේ ඇමතිවරයාට යම් කිසි දඬුවමක් රටේ නීතිය අනුව ලබාදියයුතු වනවා.ඒ නිසා අපි අද උදෑසන 10ට පොලීස් මූලස්ථානයට පැමිණිලි කරනවා”.