Thursday, April 25, 2024

General line - 0115112241

අගමැති සහ ඉන්දීය අගමැති අතර හමුවක්




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් මෙම සතියේ දී පැවැත්වීමට නියමිතයි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සිය නවසීලන්ත සංචාරය නිමා කරමින් හෙට (04) දිනයේ දී ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණෙන බව අග‍්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළා.

ඒ, ලෝක ආර්ථික සමුළුවේ මෙහෙයවීමෙන් ලබන 6 වන දා නවදිල්ලි නුවර දී පැවැත්වෙන ඉන්දීය ආර්ථික සමුළුව සඳහා සහභාගී වීමටයි.

සමුළුවට සමගාමීව අග‍්‍රාමාත්‍යවරුන් දෙපළ අතර මෙම හමුව සංවිධාන කර තිබෙනවා.

ඊට අමතරව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමග ද සාකච්ඡා කරනු ඇති.